Friday, January 23, 2026
Homeදේශපාලන“වහාම මහමැතිවරණයක් පවත්වන්න” – ජාතික සාම මණ්ඩලය ආණ්ඩුවට දැනුම් දෙයි !

“වහාම මහමැතිවරණයක් පවත්වන්න” – ජාතික සාම මණ්ඩලය ආණ්ඩුවට දැනුම් දෙයි !

පාර්ලිමේන්තු වරම අලුත් කිරීම සඳහා කඩිනමින් මැතිවරණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය (NPC) ඉල්ලා තිබෙනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටින්නේ, “ලෝකයේ කලාතුරකින් දක්නට ලැබෙන ආකාරයේ දේශපාලන පෙරළියක් ශ්‍රී ලංකාවේ දකින්නට පුළුවන් වුණා. ජනතාවගේ නිරායුධ විරෝධතා ව්‍යාපාරයක් විසින් ජනතාව විසින්, ජනතාව වෙනුවෙන් සිදුකර ජනාධිපති, අගමැති සහ අමාත්‍ය මණ්ඩලයට ඉල්ලා අස්වීමට බල කෙරුනා. මෙම විරෝධතා ව්‍යාපාරය ජාත්‍යන්තර ප්‍රජාවගේ පරිකල්පනය ග්‍රහණය කර ගත්තේ එහි විශාලත්වය, කාර්යක්ෂමතාව සහ අවිහිංසාවාදී ස්වභාවය හේතුවෙනි. විරෝධතා ව්‍යාපාරයේ සාර්ථකත්වයට හේතු වූයේ එහි ස්වයංසිද්ධ සහ සාමකාමී ස්වභාවයයි” යැයි එම නිවේදනයේ සඳහන් වෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments