Friday, November 14, 2025
Homeවිදේශීයඅල්කයිඩා නායකයා ව ඝාතනය කෙරේ

අල්කයිඩා නායකයා ව ඝාතනය කෙරේ

අල්කයිඩා නායක ආයිමාන් අල්සවාහිරී අමෙරිකානු ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් ඝාතනය කර තිබේ.

අමෙරිකානු ජනාධිපති ජෝ බයන්ඩ්න් ප්‍රකාශ කළේ සිය හමුදා විසින් ඇෆ්ගනිස්ථානයේදී ඔහු ඝාතනය කළ බවය.

ඔසාමා බින් ලාඩන් මීට වසර 11කට පෙර ඝාතනය කිරීමෙන් පසු අල්කයිඩා සංවිධානය වෙනුවෙන් අන්තර්ජාතිකව පෙනී සිටි එකම නායකයා ලෙස සවාහිරී හැඳින්වේ.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ආරක්ෂිත නිවසක සිටියදී අමෙරිකානු හමුදා විසින්  ඔහු ඝාතනය කර ඇති අතර සවාහිරි 71 වන වියේ පසුවූ බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments