Saturday, December 20, 2025
Homeසියලුම පුවත්අද සිට වැස්ස අලුත් වේ

අද සිට වැස්ස අලුත් වේ

දිවයින පුරා පවතින වැසි තත්වයේ වැඩිවීමක් අද (4) දිනයේ දී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නැගෙනහිර, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි වැසි ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් ඇතිවන බව එහි සඳහන්ය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු අනතුරුවලින් ආරක්‍ෂාවීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments