වත්මන් රජය, මාස හයක් තුළ, රටේ ණය බර 14%කින් ඉහළ දමා ඇතැයි, සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.ලංකාවේ ණය තත්ත්වය පිළිබදව සැප්තැම්බර් පළමු වැනි දා නිකුත් කර තිබෙන වාර්තාවක් උපුටා දක්වමින් මන්ත්‍රී වරයා මේ බව පැවසී ය.එම වාර්තාවට අනුව, 2022 වසරේ දෙසැම්බර් මාසය අවසන් වන විට, රජයේ මුළු ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 84 කි.එම ණය ප්‍රමාණය, 2023 වසරේ පළමු කාර්තුව තුළ ඇමරිකානු ඩොලර් බිලියන 91.9 දක්වා ඉහළ ගිය අතර, වසරේ දෙවන කාර්තුව තුළ එය ඇමරිකානු ඩොලර් බිලියන 96.5 දක්වා තවදුරටත් ඉහළ ගියේ ය.මෙම සංඛ්‍යා දත්ත අනුව, වසරේ පළමු මාස හය තුළ දී පමණක්, රජය ඇමරිකානු ඩොලර් බිලියන 11.8 ක ණය මුදලක්, සංවර්ධන බැදුම්කර හෝ වෙනත් මාර්ග ඔස්සේ ලබාගෙන තිබේ.