Friday, November 1, 2024
Homeදේශීයගෙවුණු මාස 08ට කෝටි පන්ලක්ෂයකින් රට ණය කරලා – මහාචාර්ය වසන්ත අතුකෝරළ

ගෙවුණු මාස 08ට කෝටි පන්ලක්ෂයකින් රට ණය කරලා – මහාචාර්ය වසන්ත අතුකෝරළ

? වත්මන් රනිල් පොහොට්ටු ආණ්ඩුව යටතේ රට රුපියල් කෝටි පන් ලක්ෂයක ණය ලබා ගෙන ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ විසින් සිදුකරනු ලබන කරුණු අනාවරණය මගින් පැහැදිලි වේ.

නවතම වාර්තා උපුටා දක්වමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පෙන්වා දෙන්නේ රජය මේ වසරේ මුල් මාස අටේදී භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙළඳපොළෙන් රුපියල් කෝටි පන් ලක්ෂ හැට තුන් දහස් හාරසීයක (රු. 5,634,000,000,000) පමණ ණය ලබාගෙන ඇති බවය.

භාණ්ඩාගාර බිල්පත්වලින් කෝටි හාර ලක්ෂ හැත්තෑ නව දහස් නව සීයක් (රු. 4,709,000,000,000) සහ බැඳුම්කර වෙළඳපොළෙන් කෝටි අසූ පන් දහස් පන්සීයක් (රු. 805,000,000,000) වශයෙන් මෙසේ ණය ලබාගෙන ඇතැයිද ඔහු පවසයි.

මෙම ගත් ණය සඳහා පොලිය වශයෙන් රුපියල් කෝටි හතලිස් හයදහසක් (රු. 460,000,000,000) ගෙවීමට සිදුවන බවත් මෙම වසරේ අගෝස්තු මාසයේදී පමණක් දේශීය වෙළඳපොළෙන් රුපියල් එක් ලක්ෂ දෙදහසක් (රු. 102,000) ණය ලබාගෙන ඇති බවත් මහාචාර්ය වසන්ත අතුකෝරල පෙන්වා දෙයි. එමෙන්ම අගෝස්තු මස අවසාන සතියේදී පමණක් රුපියල් කෝටි තිස් පන්දහසක (රු. 350,000,000,000) ණය ලබාගෙන ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

මේ වසරේ මුල් මාස 07දී බිල්පත් ආදායම් නොලැබීම, රජයේ වියදම් වර්ධනයවීම සහ දිගින් දිගටම දේශීය කෙටි කාලීන ණය කල්පිරීම යන කාරණා හේතුවෙන් දේශීය වෙළඳපොළෙන් රජයට මෙසේ ණය ලබා ගැනීමට සිදුව ඇතැයිද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පෙන්වා දෙයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments