Sunday, December 21, 2025
Homeදේශපාලනපාසැල් දරුවන් මත්පැන් භාවිතයෙන් ගලවන හැටි සජිත් කියයි

පාසැල් දරුවන් මත්පැන් භාවිතයෙන් ගලවන හැටි සජිත් කියයි

පාසල් ළමුන් අතර මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය ඉහල යාම දැඩි ප්‍රශ්නකාරී තත්වයක් බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

මෙම ගැටළුකාරී තත්වය විසඳීමේදී අති විශාල වගකීමක් පාර්ලිමේන්තුව සතුව ඇති බවත් සියල්ලට පෙර මේ සම්බන්දයෙන් පාර්ලිමේන්තුව තුළ සිටින 225දෙනාවම නිසි දැනුවත් කිරීමක් සඳහා යොමු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කලේය.

පාසල් ළමුන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී

එහිදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ළමා හා කාන්තා අයිතිවාසිකම් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් කිරිමට ද යෝග්‍ය බවය

RELATED ARTICLES

Most Popular

Recent Comments