Wednesday, October 23, 2024
Homeදේශපාලනශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඩොලර් මිලියන 19කට වැඩි අතිරේක මුදලක් වෙන් කරනවා -...

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඩොලර් මිලියන 19කට වැඩි අතිරේක මුදලක් වෙන් කරනවා – USAID ආයතනය

 ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන 19කට වැඩි අතිරේක මුදලක් වෙන් කරන බව අමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කරයි.

මුදල් අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USAID ආයතනය මේ බව නිවේදනය කළේ ය.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USAID සහ ශ්‍රී ලංකා රජය අතර ඇති ගිවිසුමකට අනුව ශ්‍රී ලංකාවට හිමිවන අතිරේක මුදල අමෙරිකානු ඩොලර් මිලියන 19 යි දශම 2 කි

මීට අදාළ ගිවිසුම අත්සන් කිරීම වෙනුවෙන් ඊයේ (20) මුදල් අමාත්‍යාංශයේ පැවති උත්සවයට එක් වෙමින්, මුදල් අමාත්‍යාංශ ලේකම්, මහින්ද සිරිවර්ධන මහතා පැවසුවේ, අමෙරිකාව ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සමීප සහයෝගීතාවය සහ සුහද හවුල්කාරිත්වය මෙරට ජනතාව අගය කරන බවයි. 

මෙම අරමුදල් ප්‍රජාතන්ත්‍රවාදී සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට රජය දරන උත්සාහයන් ශක්තිමත් කරනු ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. (News 1st)

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments