Friday, January 23, 2026
Homeදේශීයපර්යන්ත රෝහල්, ග්‍රාමීය රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලා වසාදැමීමේ තීරණයක්

පර්යන්ත රෝහල්, ග්‍රාමීය රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලා වසාදැමීමේ තීරණයක්

මේ වන විට පවත්වාගෙන යාම ගැටලුවක් බවට පත්ව තිබෙන පර්යන්ත රෝහල්, ග්‍රාමීය රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලාවන් වසාදැමිමට ඉදිරි සති දෙකෙන් අනතුරුව කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කළ බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සදහන් කරයි.

සිටිය යුතු වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව වඩා අඩු සංඛ්‍යාවක් පවතින රෝහල්, ඖෂධ නොමැති රෝහල්, රසායනාගාර පරික්ෂණ විකිරණ පරික්ෂණයන් කර ගැනීමට නොහැකි රෝහල්වල තවදුරටත් වෛද්‍යවරුන් රදවා තැබීම පලක් නොවන බැවින් මෙම තීරණය ගන්නා බව වෛද්‍ය අලුත්ගේ පෙන්වාදේ.

වැසියාමේ අවදානමක් මතුව ඇති කුඩා රෝහල් සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළදී විශේෂ සමීක්ෂණයක් කර අවශ්‍ය දත්ත රැස්කර ගන්නා බවත් ඉන් අනතුරු මෙම තීරණය ක්‍රියාත්මක කරන බවත් හෙතෙම පැවසුවේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉතිහාසයේ කවරදාවකවත් කටයුතු නොකළ සංයමයකින් කටයුතු කිරිම කවුරුන් හෝ නිවටකමක් යැයි සිතන්නේ  නම් එයට නිසි පිලිතුරු දීමට ද මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර ඇත

RELATED ARTICLES

Most Popular

Recent Comments