Friday, December 19, 2025
Homeදේශීයකොළඹට බෝම්බ ප‍්‍රහාර මාලාවක්..? TIDයෙන් අධිකරණයට වාර්තාවක්.

කොළඹට බෝම්බ ප‍්‍රහාර මාලාවක්..? TIDයෙන් අධිකරණයට වාර්තාවක්.

<

කොළඹ ප්‍රධාන ර්මමස්ථාන වලට ඉදිරි දින කිහිපය ඇතුළත බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වන්නේ යැයි ලැබී ඇති තොරතුර පිළිබඳ සනාථ කළ සාක්ෂි ලැබී නැතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට අද (05) දැනුම් දී තිබේ.

මෙම තොරතුරු හෙළිවී ඇත්තේ බන්ධනාගාර රැදවියෙකු බන්ධනාගාර බස් රථයෙන් එළියට විසි කරන ලද තුණ්ඩු කැබැල්ලකින් බව එම කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබිණි

එය සලකා බැලීමෙන් අනතුරුව මේ ගැන විධිමත් විමර්ශනයක් කොට වහා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයකට අනුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය මේ බව අද (05) දැනුම් දී තිබේ.

ඒ අනුව ඉදිරි දින කිහිපයේ කොළඹ ප්‍රධාන ර්මමස්ථාන වලට බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වන්නේ යයි තොරතුරු ලැබී ඇති බව කියමින් අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාව ඉල්ලා අස්කර ගැනීමට ද එම කොට්ඨාසය කටයුතු කරන ලදී

RELATED ARTICLES

Most Popular

Recent Comments