Sunday, December 21, 2025
Homeදේශපාලනපොහොට්ටුවෙන් තීන්දුවක්.. අනුරයාපා, ඩලස් දෙපිලේ මන්ත‍්‍රී 19ක් ගෙදර…

පොහොට්ටුවෙන් තීන්දුවක්.. අනුරයාපා, ඩලස් දෙපිලේ මන්ත‍්‍රී 19ක් ගෙදර…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර පාර්ලිමේන්තුවට පැමිණ දැන් පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායම් ලෙස කටයුතු කරන මන්ත්‍රීවරුන් 19 දෙනකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය තීරණය කර ඇත.

මේ පිළිබඳව පක්ෂයේ විධායක සභාව රැස්වී තීරණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් ඇති බවද මෙම කණ්ඩායම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි වන නීතිඥ කණ්ඩායම් විසින් ද පක්ෂ නායකයන්ට පෙන්වා දී ඇති බවත් මහ ලේකම්වරයා පැවසීය.

පොදුජන පෙරමුණෙන් සෘජුවම තරම් වැද තේරී පත් වූ මන්ත්‍රීවරුන් 13කු ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නිදහස ජනතා සභාවට සම්බන්ධ වි සිටින අතර තවත් 06 දෙනෙකු අනුර ප්‍රියදර්ශන මහතාගේ කණ්ඩායම සමඟ ස්වාධීන වී කටයුතු කරයි

RELATED ARTICLES

Most Popular

Recent Comments