Monday, December 22, 2025
Homeදේශීයකිරුළපන ඝාතනයක්

කිරුළපන ඝාතනයක්

කිරුළපන ප්‍රදේශයේදී පුද්ගලයෙකු පිහියකින් ඇන ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 29 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිව සිටි එක්දරු පියෙකි.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 32 හැවිරිදි වියේ පසුවන ඔහුගේ සොහොයුරා කිරුළපන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා තදබල ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව සිටි අයෙකු බවට හෙළිවී තිබේ.

ඔහු සිය මවගෙන් මුදල් ඉල්ලා කරදර කිරීමත් සමග ඔහුගේ සහෝදරයා මෙලෙස ඔහුගේ පපු ප්‍රදේශයට පිහියෙන් ඇන ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී ඇත.

සැකකාර සොහොයුරා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කිරුළපන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments