Monday, December 22, 2025
Homeදේශීයබණ්ඩාරවෙල පාසල් සිසුන්ට විශේෂ දැනුම්දීමක්

බණ්ඩාරවෙල පාසල් සිසුන්ට විශේෂ දැනුම්දීමක්

බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයේ යම්කිසි පාසල් සිසුවෙකු අවතැන් වීම හේතුවෙන් ඥාති නිවෙසක හෝ වෙනත් ස්ථානයක රැඳී සිටී නම් එම පාසල් සිසුන්ට ආසන්නයේ පිහිටි ඕනෑම පාසලකින් අධ්‍යාපන ලැබීමේ අවස්ථාව ලබාදීමට තීරණය කර ඇත.

බණ්ඩාරවෙල කලාප අධ්‍යපන අධ්‍යක්ෂ H.M.M ධම්මික හේරත් මහතා අද දෙරණට මේ බව පැවසීය.

මේ අතර හල්දුම්මුල්ල කොස්ලන්ද මකල්දෙනිය දමිල ප්‍රාථමික විද්‍යාලය හා මීරියබැද්ද දමිල ප්‍රාථමික විද්‍යාලය සිසුන් නොපැමිණීම හේතුවෙන් වසාදැමීමට පියවර ගෙන ඇත.

එම පාසල්වල බහුතර සිසුන් ආපදා තත්ත්වයන් හේතුවෙන් පාසල් වෙත නොපැමිණීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

එසේම අදාළ පාසල්වල ගුරුවරුන් වෙත දැනුම්දී ඇත්තේ කොස්ලන්ද ගනේෂා දමිල විද්‍යාලය වෙත පැමිණ සේවයට වාර්තා කරන ලෙසටය.

මේ අතර කොස්ලන්ද ගනේෂා දමිල විද්‍යාලයේ ද මේ වනවිට එක් ශාලාවක් සහන කඳවුරක් ලෙස භාවිතයට ගනු ලබයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments