Wednesday, February 11, 2026
Homeදේශීයපාසල් සිසුන් අතර ඇස් ලෙඩ ව්‍යාප්තිය ඉහළට

පාසල් සිසුන් අතර ඇස් ලෙඩ ව්‍යාප්තිය ඉහළට

 වෛරස් ආසාදනයක් ලෙස පැතිර යන අක්ෂි රෝගය දරුවන් අතර ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයි සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, ඇතැම් ප්‍රදේශවල පාසල් සිසුන් අතර මෙම අක්ෂි රෝගයේ ව්‍යාප්තිය වසංගත ස්වරූපයෙන් පැතිර යන බවයි.

ඇස් රතුවීම, කඳුළු හා කබ ගැලීම හා ඇස්වල පවතින දැවිල්ල මෙම රෝගයේ බහුලව දැකිය හැකි රෝග ලක්ෂණ අතර වේ.

එම රෝග ලක්ෂණ පවතින දරුවන් පාසල් එවීමෙන් වළකින ලෙස උපුල් රෝහණ මහතා මව්පියන්ගෙන් ඉල්ලීමක් කළේ ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments