Friday, March 6, 2026
Homeදේශපාලනවිජයදාස රාජපක්ෂගේ ඡන්ද ක්‍රම වෙනස් කරන පනතට විපක්ෂය එකහෙළාම විරුද්ධ වෙයි.

විජයදාස රාජපක්ෂගේ ඡන්ද ක්‍රම වෙනස් කරන පනතට විපක්ෂය එකහෙළාම විරුද්ධ වෙයි.

මේ සම්බන්ධයෙන් අද පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදීද විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ආණ්ඩුවට සිය විරෝධය පළ කිරීමට පියවර ගෙන තිබිණ.

සෘජු හා සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීවරුන් තෝරාගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා හා ඡන්දය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර අගමැති දිනේෂ් ගුණවර්ධන මේ සදහා සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කර ඇති බවත්, පළාත් පාලන මැතිවරණ, පලාත් සභා මැතිවරණය සහ මහ මැතිවරණය කල් දමමින් ජනතාවගේ මැතිවරණ අයිතිය හා මූලික අයිතිය උල්ලංඝනය කර ඇති වත්මන් රජය සමඟ සමගි ජන බලවේගය කිසිදු අවස්ථාවක මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ සාකච්ඡාවකට නොයෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments