Friday, December 12, 2025
Homeසියලුම පුවත්සමනල වැවේ කාන්දුවෙන් එන ජලයෙන් ලොක්කෙකුගේ පුද්ගලික බලාගාරයක්.. සිදුර නොවසන්නේ ඒනිසා.

සමනල වැවේ කාන්දුවෙන් එන ජලයෙන් ලොක්කෙකුගේ පුද්ගලික බලාගාරයක්.. සිදුර නොවසන්නේ ඒනිසා.

නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතු තාරුණ්‍යට හෙටක් සංවිධානයේ උත්සවයකට විදුලිය ලබාගෙන නොගෙවු ලක්ෂ 11ක විදුලි බිලක් ඇති බවට ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

ඉන්දියාවේ අදානි සමාගමට සහ ටටා සමාගමට විදුලිබල මණ්ඩලය විකිණීමට ආණ්ඩුව සූදානමින් සිටින බවට ද රන්ජන් ජයලාල් මහතා එහිදී පෙන්වා දෙයි.

සමනල වැවේ ඇති ජල කාන්දුව වසා නොදමන්නේ විදුලිබල මන්ඩලයේ වෘත්තීය සමිති නායකයෙකුට අයත් විදුලි බලාගාරයක් එම ජල කාන්දුව උපයෝගී කරගනිමින් සමනලවැව පහලින් ක්‍රියාත්මක වන නිසා බවටද ඒ මහතා  චෝදනා  කරයි

RELATED ARTICLES

Most Popular

Recent Comments