Friday, November 14, 2025
Homeදේශීයසිව්දරු මව මැරූ සැමියාගේ සිරු ගසක එල්ලෙයි

සිව්දරු මව මැරූ සැමියාගේ සිරු ගසක එල්ලෙයි

පූගොඩ  මණ්ඩාවල හිලේරියන් ෆාම් ප්‍රදේශයේ නිවසකදී සැමියා  බිරිඳගේ ගෙල කපා ඝාතනය කොට සැමියා ද එල්ලී සියදිවි නසා ගෙන ඇතැයි පූගොඩ පොලිසිය කියයි.

එම අඹුසැමි අඹුසැමි යුවළ අතර නිතර නිතර ආරවුල් ඇති වී පොලිසියට ද පැමිණිලි කර තිබූ බවත් පොලිසිය කියයි.

මෙහිදී සුමිත්‍රා වික්‍රමසිංහ නමැති 46 හැවිරිදි සිව් දරු මවද ඇගේ සැමියා වන ධර්මකීර්ති විජේතුංග අවුරුදු 54 නැමැති අය ද මියගොස්තිබේ.

මේ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පූගොඩ වැඩබලන මහේස්ත්‍රාත් කමල් සම්බන්ධ පෙරුම් මහතා 24 දා අලුයම එම ස්ථානයට ගොස් සිදු කොට ඇති අතර මෘත ශරීර වතුපිටිවල රෝහල වෙත ගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසට ද  පොලීසියට උපදෙස් දී තිබේ.

පූගොඩ පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments