Monday, December 22, 2025
HomeදේශීයA-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගමනාගමනය සීමා කර තිබූ යාපනය A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්ව තිබේ.

පොලිස් කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඕමන්ත පොලිස් වසමේ නොච්චිමොටේ පාලම අසලින් හා ඕමන්ත නගරය ආසන්නයේ මාර්ගය ජලයෙන් සම්පූර්ණයෙන් යටවී තිබූ අතර මේ වනවිට එම ප්‍රදේශයේ ජලය බැසගොස් ඇති බවය.

ඒ අනුව A-9 මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට සාමාන්‍ය පරිදි මාර්ගයේ ගමන් කළ හැකි බව ද පොලීසිය නිවේදනය කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments