Saturday, January 24, 2026
Homeදේශීයප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මියයන විට 80 වන වියේ පසු වූ බවයි සඳහන් වෙන්නේ.

ආදරණීය නේරංජනා, හෙට දවසේ, මට වාසනා, සඳ මා ගාවයි, මාගේ සැමරුම් පොතේ, එකම වීදියේ, මොහොතක සුව දෙන, ගෙලවට බැන්දා වූ වැනි ගීත සඳහා සූරියසේන මහතා විසින් සංගීත අධ්‍යක්ෂණය කර තිබෙනවා.

දේහය හෙට (25) පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසල් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments