Friday, January 23, 2026
Homeසියලුම පුවත්සේවා අපනයන බද්ද හේතුවෙන් තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් රට හැරයාමේ අවදානමක් තිබෙනවා -...

සේවා අපනයන බද්ද හේතුවෙන් තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් රට හැරයාමේ අවදානමක් තිබෙනවා – තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

තොරතුරු තාක්ෂණය, සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ නිදහස් සේවකයින් (freelancer) ලෙස රටට ඩොලර් උපයන සේවා වෙත 15% ක බද්දක් පැනවීම හේතුවෙන් සේවා අපනයන ක්ෂේත්‍රයේ වෘත්තිකයින් රට හැර යාමේ අවදානමක් මතුව තිබෙන බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය පවසනවා.

ඒ අනුව මෙවැනි තීරණ හේතුවෙන් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට පැමිණෙමින් තිබෙන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය කඩා වැටීමේ අවදානමක්ද ඇති බවයි එහි සභාපති, ඉංජිනේරු කපිල පෙරේරා සඳහන් කරන්නේ.

පැවති රජයයන් විසින් වෘත්තීයවේදීන්ට විවිධ බදු පැනවීම හේතුවෙන් බොහෝ පිරිසක් රට හැරදා යාමට කටයුතු කළ බවත්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ට ද ලෝකයේ ඕනම තැනක සිට රැකියාව සිදුකළ හැකි නිසා ඔවුන්ද රට හැරදා යාමට හැකි බවත් ඔහු ප්‍රකාශ කළා.

එසේම නිත්‍යානුකූලභාවය පිළිබඳ ගැටලුවක් තිබුණද, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයින් ඔවුන්ගේ මුදල් වෙනත් රටවල තැබීමටත්, ලංකාවට විදේශ විනිමය නොගෙනෙන තත්ත්වයටත් පත්විය හැකි බවයි තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments