Monday, January 26, 2026
Homeදේශීයකෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිගේ විනාඩි පහේ සත්ව සංගණනයට මාලිමාවෙන්ම විවේචන

කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිගේ විනාඩි පහේ සත්ව සංගණනයට මාලිමාවෙන්ම විවේචන

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසන පරිදි විනාඩි පහක් වැනි කෙටි කාලයකින් සත්ව සංගණනයක් සිදුකළ නොහැකි බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසනවා.

ලෝක වනජීවී දිනය නිමිත්තෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේදී ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

දිවයින පුරා ආවරණය වන පරිදි සත්ත්ව සංගණනය මේ මස 15 වැනිදා පෙරවරු 8 සිට 8.05 දක්වා පැවැත්වෙන බව, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

මෙම සංගණනයට එදින ලක් කෙරෙන්නේ රිලවා, වඳුරා, මොණරා සහ දඬුලේනා යන සත්ත්ව කාණ්ඩ හතරයි.

වන අලි, රිලවුන්, වඳුරන් ඇතුළු සතුන්ගෙන් වගාවට සිදුවන හානි සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා දැඩි කතාබහක් ඇති වුණා.

කෙසේ වෙතත්, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සදහන් කළේ, කෙටි කාලයකින් සත්ව සංගණනය සිදුකළ නොවන බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments