Friday, January 23, 2026
Homeදේශීයසංචාරක කේෂ්ත්‍රයේ නිරත පිරිසට දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්

සංචාරක කේෂ්ත්‍රයේ නිරත පිරිසට දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්

සංචාරක කේෂ්ත්‍රයේ නිරත පිරිස වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් මේ වසර තුළ හඳුන්වාදීමට නියමිත බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ මහතා පැවසීය.

අද (05) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, සමාජ සුබසාධන වැඩසටහනක් ද සංචාරක කේෂ්ත්‍රයේ නිරත පිරිස වෙනුවෙන් පැවැත්වීමට නියමිත බවය.

එමෙන්ම සංචාරක කේෂ්ත්‍රයේ අනාගතය වෙනුවෙන් සංචාරක ආකර්ෂණ 100ක් මේ වනවිට හඳුනාගනිමින් සිටින බව ද පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා, එක් ආකර්ෂණයක් සඳහා රු මිලියන 10 බැගින් වෙන්කර එහි මුලික පහසුකම් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.v

RELATED ARTICLES

Most Popular

Recent Comments