Monday, December 22, 2025
Homeදේශීයනිතීඥවරයා පැමිණි පසු අල්ලස් කොමිසමේ පෙනී සිටින බව රනිල් කියයි

නිතීඥවරයා පැමිණි පසු අල්ලස් කොමිසමේ පෙනී සිටින බව රනිල් කියයි

විදෙස් ගත වී සිටින තම නීතිඥවරයා මෙරටට පැමිණි පසු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් පසුගියදා කළ ප්‍රකාශයෙන් පසු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට මේ මස 25 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම ඊයේ යලි දැනුම්දීමක් කර තිබුණා.

ඒ පසුගිය 17 වනදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නද අලුත් අවුරුදු සමය හේතුවෙන් එදිනට පෙනී සිටිය නොහැකි බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දීමෙන් අනතුරුවයි.

ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස චාමර සම්පත් දසනායක කටයුතු කළ සමයේ පළාත් සභාව, රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු කිහිපයක මුදල් කල් පිරීමට පෙර ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් කොමිසම ඔහුව අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇප මත මුදා හැර සිටිනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ, එම සිදුවීම තමන් අග්‍රාමාත්‍ය ධුරය දැරූ සමයේ සිදුවූවක් බවයි.

එවකට ඌව පළාතේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ චාමර සම්පත් දසනායක අදාළ මුදල් ලබා ගත්තේ, භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයකට අනුව බවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබුණේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments