Monday, December 22, 2025
Homeදේශීයනව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරඹයි – 1 හා 6 ශ්‍රේණිවලට පෙළපොත් නොමැත

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරඹයි – 1 හා 6 ශ්‍රේණිවලට පෙළපොත් නොමැත

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසීමේදින, පෙළපොත් මුද්‍රණය නතර කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමය ක්‍රියාත්මක නොවන 2 සිට 5 ශ්‍රේණි සහ 7 සිට 11 ශ්‍රේණි සඳහා පෙර පරිදිම පෙළපොත් ලබාදෙන බවද ඔහු පැවැසීය.

ලබන ජනවාරි මාසයෙන් ආරම්භ වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව 1 සහ 6 ශ්‍රේණි සඳහා සාම්ප්‍රදායික පෙළපොත් වෙනුවට සරල මොඩියුල මුද්‍රණය කර ලබාදෙන බවද ලේකම්වරයා සඳහන් කළේය.

එසේම ගුරු අත්පොත් මුද්‍රණය නවතා දැමීමටද කිසිදු තීරණයක් නොගත් බවත්, නව පාඨමාලා අනුව අවශ්‍ය ගුරු අත්පොත් මුද්‍රණය කර බෙදාහැරීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු තහවුරු කළේය.

ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, 2, 3, 4, 5, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල පෙළපොත් හා 1 සහ 6 ශ්‍රේණිවල මොඩියුල මුද්‍රණ කටයුතු දැනට සූදානම් වී ඇති බවය.

මෙම මුද්‍රණ කටයුතු නොවැම්බර් 15 වන විට අවසන් කර, දිවයින පුරා විදුහල්වලට දෙසැම්බර් 31ට පෙර බෙදාහැරීම නියමිත බවද එම නිවේදනයේ සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments