Monday, December 22, 2025
Homeදේශීයඅල්ලාගත් වරෙන්තුකරු ස්ථානාධිපති නිදහස් කරලා..?

අල්ලාගත් වරෙන්තුකරු ස්ථානාධිපති නිදහස් කරලා..?

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ලක්ව තිබූ නඩුවකට පෙනී නොසිටි විවෘත වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට හැටන් පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් නිළධාරියෙකු කටයුතු කළා.

කෙසේවෙතත්, සැකකරුගේ ඥාතීන් සමග පැවති සාකච්ඡාවකට අනතුරුව පොලිස් ස්ථානාධිපතිවරයා එම පොලිස් නිළධාරියට සැකකරු මුදා හැරීමට උපදෙස් දුන බව වාර්තා වේ.

පසුව, ස්ථානාධිපතිවරයා විසින් සැකකරුට නීතීඥයෙකු මගින් අධිකරණය වෙත ඉදිරිපත් වීම සඳහා උපදෙස් ලබා දී ඇති බවද සදහන් කෙරේ.

මෙම සිදුවීම හේතුවෙන් පොලිස් ස්ථානයේ අනෙක් නිළධාරින් අතර දැඩි අසතුටක් පවතින අතර, මෙවැනි මැදිහත්කම් නිසා රාජකාරි නිසි පරිදි ඉටු කිරීම දුෂ්කර වී ඇති බව ඔවුන් පවසති.

වාර්තාකරු – හැටන් රංජිත් රාජපක්ෂ (ADA)

RELATED ARTICLES

Most Popular

Recent Comments