කොළඹ සහ අවට නගර රැසකට හෙට (23) පැය 10ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
ජල කප්පාදුව හෙට පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා ක්‍රියාත්මක වන අතර, අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබාදෙන ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට විදුලිය අත්හිටුවීම මේ සඳහා හේතු වී ඇත.
ඒ අනුව කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලටත්, බත්තරමුල්ල, තලවතුගොඩ, රාජගිරිය, නුගේගොඩ, මහරගම, බොරලැස්ගමුව, මිරිහාන, කොස්වත්ත, පැලවත්ත, කෝට්ටේ, නාවල, කොළොන්නාව, අංගොඩ, වැල්ලම්පිටිය සහ ඔරුගොඩවත්ත ප්‍රදේශවලටත් මෙම ජල කප්පාදුව බලපානු ඇත.