ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූ පුද්ගලයන්ගේ දත්ත රැස් කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත් කළ අනුකාරක සභාවක් මෙම උපදෙස් ලබා දුනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති රැස්වීමකදී මෙම තීරණය ගන්නා ලදී.
මුල් ව්‍යාපෘතියක් ලෙස නුවරඑළිය, මඩකලපුව, පොළොන්නරුව සහ කොළඹ දිස්ත්‍රික්කවල තෙරුණු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල දත්ත රැස් කිරීමට නියමිතය.
මෙහිදී ණය ගෙවා ගැනීමට නොහැකිවූ අය සඳහා සහන සැලසීම හෝ ගැටලුව විසඳීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කර ඇත.
තවද, ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන ලියාපදිංචි ආයතන 34ක් සමඟ සාකච්ඡා කර ණය කරුවන්ට ලබාදිය හැකි සහන පිළිබඳව විමසීමටද තීරණය කර ඇත.