Monday, December 22, 2025
Homeදේශීය1 සිට 6 ශ්‍රේණි දක්වා විෂයමාලා ප්‍රතිසංස්කරණ සඳහා උපදෙස් සංග්‍රහයක් නිකුත් කරයි

1 සිට 6 ශ්‍රේණි දක්වා විෂයමාලා ප්‍රතිසංස්කරණ සඳහා උපදෙස් සංග්‍රහයක් නිකුත් කරයි

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත 1 සහ 6 ශ්‍රේණි සඳහා විෂයමාලා ප්‍රතිසංස්කරණය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් අද (22) උපදෙස් සංග්‍රහයක් නිකුත් කර ඇත.

මෙම උපදෙස් සංග්‍රහය අදාළ පාසල් ප්‍රධානීන්ට, ගුරු පරිපාලන නිලධාරින්ට සහ අධ්‍යාපන අධිකාරීන්ට ලබාදෙන අතර, නව විෂයමාලා ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද, අගය කිරීමේ මාර්ගෝපදේශ සහ ඉගැන්වීම් සැලසුම් පිළිබඳ විස්තරත් ඒ තුළ අඩංගු වේ.

අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම ප්‍රතිසංස්කරණයෙන් ඉලක්ක කරන්නේ ශිෂ්‍යයන්ගේ නව පරපුරක් බුද්ධිමත්, නිර්මාණශීලී හා ප්‍රායෝගික පුරුදු ඇති පුද්ගලයන් ලෙස නිර්මාණය කිරීම බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments