Thursday, October 23, 2025
Homeවිදේශීයමෙක්සිකෝ ගංවතුරෙන් මියගිය ගණන 78ක් – දස දහස් ගණනක් පීඩාවට

මෙක්සිකෝ ගංවතුරෙන් මියගිය ගණන 78ක් – දස දහස් ගණනක් පීඩාවට

මෙක්සිකෝවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 78ක් දක්වා ඉහළ ගොස් ඇත.

බලධාරීන් පවසන්නේ අතුරුදන් වූ අය සොයා මෙහෙයුම් තවදුරටත් පවත්වාගෙන යන බවය.

ගංවතුරෙන් ප්‍රාන්ත 5කට බලපෑම් ඇති වූ අතර, දස දහස් ගණනක් ජනතාව මේ වනවිට පීඩාවට පත්ව තිබේ.

මේ අතර, බලපෑමට ලක් වූ පවුල්වලට සහන සැලසීම හා හානියට පත් ගොඩනැගිලි නැවත ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 580ක සහන පැකේජයක් මෙක්සිකානු රජය අනුමත කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments