Friday, October 24, 2025
Homeවිදේශීයකිසිදා මදුරුවෙකු නොසිටි රටකින් මදුරුවෙක් හමුවෙයි

කිසිදා මදුරුවෙකු නොසිටි රටකින් මදුරුවෙක් හමුවෙයි

මදුරුවන් නොමැති රටක් ලෙස හැඳින්වූ අයිස්ලන්තය තුළ පළමුවරටම මදුරුවෙක් හමුවී ඇත.

මෙවර වසන්ත කාලයේදී එරට උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යාම මදුරුවන් බෝවීමට හේතු වී ඇති බව විදගත්හු පවසති.

කෘමි සතුන් ගැන උනන්දුවක් ඇති පුරවැසියෙකු, සලබයන් නිරීක්ෂණය කරමින් සිටියදී මෙම මදුරු විශේෂය සොයාගෙන තිබේ.

අයිස්ලන්තය හා ඇන්ටාක්ටිකාව පෙර ලෝකයේ මදුරුවන්ගෙන් තොර ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබුණි.

ඒ සඳහා අධික සීතල දේශගුණය ප්‍රධාන හේතුවක් වූ අතර, සාමාන්‍යයෙන් එරට උෂ්ණත්වය සෙල්සියස් අංශක 20ටත් අඩුය.

අයිස්ලන්තයේ හමු වූ මෙම මදුරු විශේෂය යුරෝපය හා උතුරු අප්‍රිකාවේ බහුලව දක්නට ලැබෙන එකක් වන නමුත්, ඔවුන් අයිස්ලන්තයට ළඟා වූ ආකාරය මෙතෙක් හෙළි වී නැත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments