Tuesday, December 23, 2025
Homeක්‍රීඩාපාසල් ක්‍රිකට් සංවර්ධනයට ක්‍රිකට් ආයතනයෙන් බිලියන 1.5ක්

පාසල් ක්‍රිකට් සංවර්ධනයට ක්‍රිකට් ආයතනයෙන් බිලියන 1.5ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂිකව රුපියල් බිලියන 1.5ක් පමණ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය සඳහා ලබාදෙන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම අරමුදල් පාසල් ක්‍රිකට් සංගමය හරහා ක්‍රීඩාපිටි සංවර්ධනය, ක්‍රීඩකයන්ට ආම්පන්න ලබාදීම සහ තරග සංවිධාන කිරීම වැනි ක්ෂේත්‍ර සඳහා යොදන බවද ඔහු සඳහන් කළේය.

තවත් ක්‍රීඩාපිටි කිහිපයක් සංවර්ධනය කිරීමටත් ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා පැවැත්වෙන බවද අමාත්‍යවරයා පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments