Tuesday, February 17, 2026
Homeදේශපාලනමත්ද්‍රව්‍ය උවදුරට තවදුරටත් ඉඩ_තබන්නේ නැහැ – ජනපති

මත්ද්‍රව්‍ය උවදුරට තවදුරටත් ඉඩ_තබන්නේ නැහැ – ජනපති

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා “රටම එකට” ජාතික මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට රටම එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, ජනාධිපති කාර්යාලයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවකදීය.

ඔහු සඳහන් කළේ —

> “දේශපාලන හෝ ආර්ථික විවාද ඇතිවිය හැකි නමුත්, විෂ මත්ද්‍රව්‍ය උවදුර නවත්වීමට එකම ජාතික වගකීමක් ලෙස සියලු දෙනා එක්විය යුතුය. මෙහි කිසිදු විවාදයකට තවත් ඉඩක් නැහැ” යනුවෙනි.

ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ, මත්ද්‍රව්‍ය ජාවාරම හා ඒ හා බැඳුණු අපරාධ කල්ලිවල බලය රටේ ආර්ථිකය, සමාජය සහ නීතියේ ආධිපත්‍යය බිඳ දමා ඇති බවය.

“රටම එකට” ජාතික මෙහෙයුම අරඹන උත්සවය

ඔක්තෝබර් 30

පෙ.ව. 10.00ට

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments