Tuesday, February 17, 2026
Homeදේශීයරැකියාවක් ලබාදෙන බව පවසා අල්ලස් ගත් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

රැකියාවක් ලබාදෙන බව පවසා අල්ලස් ගත් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

රජයේ රැකියාවක් ලබාදෙන බවට පොරොන්දුවක් දී අල්ලස් ලබාගත් නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ධීවර දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙකු සහ නිවාස ඉදිකිරීම් අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ය.

ඔවුන් වරාය අධිකාරියේ කම්කරු රැකියාවක් ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 245,000ක මුදලක් ලබාගත් බවට චෝදනා පවතී.

අල්ලස් මුදලක් ලෙස රුපියල් ලක්ෂ 5ක් ඉල්ලා, පළමුව ලක්ෂ 2.5ක් ලබාදෙන ලෙසත් ඉතිරි මුදල රැකියාව ලැබුණු පසු ලබාදෙන ලෙසත් සැකකරුවන් පවසා ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද අල්ලස් කොමිසම සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments