Thursday, November 13, 2025
Homeදේශීයපොහොය නිසා තාවකාලිකව නතර වූ අලි පළවා හැරීමේ මෙහෙයුම අද (06) දිනයේ...

පොහොය නිසා තාවකාලිකව නතර වූ අලි පළවා හැරීමේ මෙහෙයුම අද (06) දිනයේ සිට නැවත ආරම්භ විය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක සැරිසරන වන අලින් රිදියගම සෆාරි උද්‍යානය අසලින් හම්බන්තොට යෝජිත අලි කලමනාකරණ රක්ෂිතය වෙත යොමු කිරීම මෙම මෙහෙයුමේ අරමුණයි.

පෝය දිනය හේතුවෙන් ඊයේ දිනයට එම මෙහෙයුම තාවකාලිකව නවතා තිබුණත්, වන අලින්ගෙන් සමහරු නැවත රිදියගම සෆාරි උද්‍යානය අසලට පැමිණීම නිසා අද දිනයේ වැඩසටහන යළි ආරම්භ කෙරේ.

වෙරළ පාරවල් හා ගම්මාන ආරක්ෂා කිරීම සඳහා ගුවන් හමුදාවේ ඩ්‍රොන නිරීක්ෂණයද සිදු වන අතර, ගම්වාසීන් විසින්ද අලි නැවත ගම්වදීම වැළැක්වීමට ගිනි ගොඩවල් ගසා සිටී.

එමෙන්ම අනුරාධපුර මහඉලුක්පල්ලම ප්‍රදේශයේ ද වන අලින් 11ක් පමණ ගල්ලෑව රක්ෂිතයට පන්නා දැමීමේ මෙහෙයුමක් පසුගිය දිනවල ආරම්භ කර ඇති අතර, ඉන් 7ක් දැනටමත් රක්ෂිතයට යොමු කර ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

මෙම මෙහෙයුම නිරීක්ෂණය කිරීම සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ සමරකෝන් මහතාද මහඉලුක්පල්ලම ප්‍රදේශයට ගොස් තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments