Thursday, November 13, 2025
Homeවිදේශීයමෙක්සිකෝ ජනාධිපතිනිය ලිංගික හිංසනයට ලක්වෙයි

මෙක්සිකෝ ජනාධිපතිනිය ලිංගික හිංසනයට ලක්වෙයි

මෙක්සිකෝ ජනාධිපතිනිය ක්ලෝඩියා ෂේන්බවුම්, ජනාධිපති මන්දිරය අසලදී ආධාරකරුවන්ට ආචාර කරන විට බීමත් පුද්ගලයෙකු විසින් ලිංගික හිංසනයට ලක්ව තිබෙනවා.

ඇය පැවසූයේ, එම පුද්ගලයා තම උරහිස හා පපුව ස්පර්ශ කරමින් බෙල්ල සිප ගැනීමට උත්සාහ කළ බවයි.

සිද්ධිය වීඩියෝවක සටහන් වී ඇති අතර, එම මොහොතේ ඇගේ ආරක්ෂක අංශය අසල නොසිටියා.

ඇය එම පුද්ගලයාට එරෙහිව චෝදනා ගොනු කර ඇති අතර, පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජනාධිපතිනිය පවසන්නේ, මෙවැනි සිදුවීම් රට පුරා අපරාධයක් ලෙස සලකන නීතියක් ගෙන ඒමට තමන් කටයුතු කරන බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments