Thursday, November 13, 2025
Homeදේශීයගණේමුල්ල සංජීව ඝාතන විමර්ශන අධිකරණයට දැනුම් දෙයි

ගණේමුල්ල සංජීව ඝාතන විමර්ශන අධිකරණයට දැනුම් දෙයි

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු ලෙස හැඳින්වෙන ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් 09 දෙනෙකු සම්බන්ධ වී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (7) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

එමගින් 04 දෙනෙකු විදේශවලට පලා ගොස් සිටින බවත්, ඉතිරි 05 දෙනා රඳවාගෙන විමර්ශන සිදු කරමින් සිටින බවත් අධිකරණයට වාර්තා කෙරිණි.

අද අධිකරණය කැඳවූ අවස්ථාවේදී බූස්ස බන්ධනාගාරයේ සිටින සැකකරුවන් පස් දෙනෙකු සූම් තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබීය. එසේම, ඉෂාරා සෙව්වන්දි සහ අනෙක් සැකකරුවන් කිහිප දෙනෙකුද අධිකරණයට ඉදිරිපත් විය.

අපරාධ කොට්ඨාශය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේදී, රක්ෂිත බන්ධනාගාරගත සහ රැඳවුම් භාරයේ සිටින සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම හා වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින බව සඳහන් කෙරිණි.

ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 21 වනදා දක්වා තවත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර, විදේශවලට පලා ගොස් සිටින සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියෝග ලබා දීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments