Friday, November 14, 2025
Homeදේශීයඋසස් පෙළ විභාගයට ආපදා බලපෑමක් වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දැනුම්දීමක්

උසස් පෙළ විභාගයට ආපදා බලපෑමක් වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දැනුම්දීමක්

මෙවර උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ක්‍රියාත්මක කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සිසුන්ට ඇති විය හැකි අපහසුතා අවම කිරීම හා විභාගය නිසි පරිදි පැවැත්වීම මෙහි ප්‍රධාන අරමුණ බවයි.

ඒ අනුව, විභාග කාලසීමාව තුළ ආපදා අවදානමකින් තොර පරිසරයක් සෑදීමට අවශ්‍ය උපදෙස් සහ ක්‍රියාමාර්ග ඇතුළත් මාර්ගෝපදේශයක් නිකුත් කිරීමටද කටයුතු කර තිබේ.

විභාගයට පෙනී සිටීමට බලපෑමක් ඇතිවිය හැකි ආපදා තත්ත්වයක් මතු වූ විට, සිසුන්ට පහත දුරකථන අංකවලට දැනුම් දිය හැකියි:
📞 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය – 117
📞 විභාග දෙපාර්තමේන්තුව – 1911

එමෙන්ම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජාතික විභාග හදිසි මෙහෙයුම් ඒකකය හා සම්බන්ධ විය හැකි විශේෂ ඇමතුම් අංකයන් ලෙස 011 366 8026, 011 366 8032, 011 366 8087, සහ 011 366 8119 ද පවතී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව පවත්වන මෙම වැඩපිළිවෙල මඟින්, විභාග කාලය තුළ සිසුන්ට ආරක්ෂිත හා බාධාරහිත පරිසරයක් ලබා දීමේ අරමුණ ඉටු කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළා.

RELATED ARTICLES

Most Popular

Recent Comments