Friday, November 14, 2025
Homeදේශීයසමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක් පිළිබඳ පොලිසියෙන් පැහැදිලි කිරීමක්

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක් පිළිබඳ පොලිසියෙන් පැහැදිලි කිරීමක්

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වීඩියෝ පටයක් සම්බන්ධයෙන් පවතින අසත්‍ය පැතිරීම් පිළිබඳව පොලිස් මූලස්ථානය නිළ වශයෙන් පැහැදිලි කිරීමක් නිකුත් කර ඇත.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, විමර්ශන තොරතුරු සමාජ මාධ්‍ය හෝ වෙනත් මාධ්‍ය වෙත නිකුත් කිරීමේදී නිලධාරීන් සැලකිලිමත් විය යුතු බව දැනුම්දීමක් පමණක් පොලිස්පතිතුමා විසින් ලබාදුන් බවය.

එහෙත් එම දැනුවත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි අදහස් පළවී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

පරිපාලනයේ පහසුව සඳහා සහ නීති ක්ෂේත්‍රයේ හා අධිකරණ ක්‍රියාදාමයන්ට බලපෑමක් නොවෙන ලෙස වීමේ අරමුණින් මෙවැනි දැනුවත් කිරීම් නිරන්තරයෙන් සිදු කරනු ලබන බව පොලිස් මූලස්ථානය අවධාරණය කළා.

එමනිසා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම වීඩියෝ පටය පොලිසියේ වෘත්තීය ක්‍රියාදාමයක් ලෙස පැවැත්වෙන සාමාන්‍ය දැනුවත් කිරීමක් බවද නිවේදනය අවසන් වශයෙන් සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments