Friday, November 14, 2025
Homeදේශීයකාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන විවේචනයක්

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන විවේචනයක්

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසන්නේ, නොගැලපෙන ලිංගික අධ්‍යාපනයක් මෙරට පාසල් විෂය පද්ධතියට ඇතුළත් කිරීම මගින් දරුවන් නොමග යවමින් ඇති බවයි.

උන්වහන්සේ සඳහන් කළේ ජාත්‍යන්තර සංවිධානවල බලපෑම් මත ලබන වසරේ ජනවාරි සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් හරහා එම පාඨමාලාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

මීරිගම, කීණදෙනිය ප්‍රදේශයේ අලුත්වැඩියා කළ ස්ටෙෆන් මුණිඳුන්ගේ දේවස්ථානය විවෘත කිරීමේ අවස්ථාවකදී උන්වහන්සේ පෙන්වාදුන්නේ, දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම දෙමව්පියන්ගේ වගකීමක් බවත්, එය රාජ්‍ය මගින් සිදු කරනු ලබන විෂයයක් නොවිය යුතු බවත්ය.

උන්වහන්සේ තවත් පැවසුවේ, මෙවැනි වැඩපිළිවෙලක් මඟින් දේශීය සංස්කෘතිය හා සභ්‍යත්වය අවදානමකට ලක් විය හැකි බවත්, එය වැළැක්වීම සඳහා සියලු පාර්ශව එකමුතු විය යුතු බවත්ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments