වත්තල පොලිස් වසමේ අල්විස් ටවුන් හන්දිය ප්‍රදේශයේදී පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් සහ පතරොම් ගැබක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (08) උදෑසන මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. වත්තල පොලිස් නිලධාරීන් විසින් පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් හඹා ගොස් පරීක්ෂා කිරීමෙන්, රියදුරු අසුන යට සඟවා තිබූ ගිනිඅවිය හමුවී ඇත.
එම මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් අතර, ඔහුගෙන් ලබාගත් තොරතුර අනුව ගිනිඅවිය තවත් පුද්ගලයෙකුට ලබාදීමට යන බව අනාවරණ වී ඇත. පසුදා, එම පුද්ගලයාද වත්තල පොලිස් වසමේ මාබෝල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 33ක් වන අතර, ඔවුන් යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.
වත්තලදී ගිනිඅවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

