සීගිරිය පොලිස් වසමේ අවුඩංගාව ප්රදේශයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයක ගිලී 5 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ ඊයේ (08) සවස මෙම අවාසනාවන්ත අනතුර වාර්තා වූ බවය.
මියගොස් ඇත්තේ වදළුගම, කැළණිය ප්රදේශයේ පදිංචිව සිටි කුඩා දරුවෙකි. දරුවා දෙමව්පියන් සමඟ පිහිනුම් තටාකයේ දියනාමින් සිටියදී අනතුරට පත්ව ඇති බව පූර්ව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සීගිරිය පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.
සීගිරියේ හෝටල් පිහිනුම් තටාකයක ගිලී දරුවෙකු මරුට

