දකුණු බ්රසීලාවට බලපෑ ප්‍රබල ටොනේඩෝ තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු මියගොස්, තවත් 750කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
පැයට කිලෝමීටර 250ක වේගයකින් වායුගෝලය තුළ හටගත් සුළඟ ප්‍රදේශ රැසකට දැඩි හානි සිදු කර ඇති අතර, නිවාස සහ වාහන ඇතුළු දේපල විශාල ප්‍රමාණයක් විනාශ වී තිබේ.
ආපදා තත්ත්වය හේතුවෙන් 1,000කට ආසන්න පිරිසක් අවතැන්ව සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට බලධාරීන් පවසන්නේ, මෙම විපත සම්බන්ධයෙන් මහජන ආපදා තත්ත්වයක් සහ දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවය.
ටොනේඩෝ තත්ත්වයකින් බ්‍රසීලයට දැඩි බලපෑමක්

