Thursday, November 13, 2025
Homeදේශීයබදුලු–බණ්ඩාරවෙල මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙළිවෙයි

බදුලු–බණ්ඩාරවෙල මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙළිවෙයි

අලුත්ගම ප්‍රදේශයෙන් රැගෙන ආ හෙරොයින් බදුල්ල සහ බණ්ඩාරවෙල ප්‍රදේශවලට අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධ තොරතුරු අනාවරණ වී ඇත.

එම ජාවාරමට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙකු සහ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව ඇසුරුම් කළ හෙරොයින් පැකට් දහසක්ද හමුවී ඇත.

හාලිඇළ ප්‍රදේශයේ නිවසක පදිංචි එකම පවුලේ 28 හා 30 හැවිරිදි සහෝදරියන් දෙදෙනෙකු මත්කුඩු බෙදා හැරමින් සිටි බවට ලැබුණු තොරතුරක් මත පොලීසිය එම නිවසට ගොස් ඔවුන් අත්අඩංගුවට ගත්තේය.

පරීක්ෂණවලදී අනාවරණය වූයේ අලුත්ගම සිට පැමිණෙන පුද්ගලයෙක් ඔවුන්ට හෙරොයින් සැපයූ බවයි.

ඔහුට මාරුකිරීම් උපායයක් යොදා බණ්ඩාරවෙල දෝව රජමහා විහාරයේදී අත්අඩංගුවට ගන්න ලදි. ඔහු සුදු ඇඳුමින් සැරසී මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි අතර, සැකකාරියකට මත්ද්‍රව්‍ය භාරදීමේ අවස්ථාවේදී සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments