Saturday, January 17, 2026
Homeදේශීයමාරක අනතුරු දෙකක් – තරුණයෙකු හා කාන්තාවක් මරුට

මාරක අනතුරු දෙකක් – තරුණයෙකු හා කාන්තාවක් මරුට

කොළඹ–මහනුවර මාර්ගයේ අලුත්ගම, බෝගමුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොළඹ දෙස සිට මහනුවර දෙසට ගමන් කළ යතුරුපැදියක් පාලනය අහිමිව මාර්ගයේ පෙරලී ප්‍රතිවිරුද්ධ දිශාවේ ගමන් කළ කාර් රථයක ගැටීමෙන් අනතුර සිදුවිය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වූ කටුවස්ගොඩ, වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බෙම්මුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

එසේම අනුරාධපුර–පාදෙණිය මාර්ගයේ දිවුල්ලෑව ප්‍රදේශයේ ද අනතුරක් සිදුවීමෙන් කාන්තාවක් මියගොස් ඇත.

අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවකට ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදි පැදිකරු සහ පදිකා ගල්ගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වයස අවුරුදු 77ක් වූ කොණ්ඩදෙණිය, කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරි කාන්තාව මියගොස් ඇත.

ගල්ගමුව පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments