Thursday, November 13, 2025
Homeදේශීයතලාවේ අනතුරින් මියගිය සිසුවා ගැන තොරතුරු හෙළිවෙයි – බස් රියදුරු අත්අඩංගුවට

තලාවේ අනතුරින් මියගිය සිසුවා ගැන තොරතුරු හෙළිවෙයි – බස් රියදුරු අත්අඩංගුවට

අද (10) පස්වරුදී තඹුත්තේගම–තලාව–ජයගඟ හන්දිය ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් මියගිය පාසල් සිසුවා සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වූ 16 හැවිරිදි ශිෂ්‍යයෙකි.

පොලීසිය සඳහන් කළේ, මියගිය ශිෂ්‍යයා හඟුරක්කෙත, තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

411 ගම්මානය දක්වා සංචාරය කරමින් පැමිණි බස් රථය අතුරු මාර්ගයකදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරෙන් 39 දෙනෙකු තුවාල ලබා, ඔවුන් තලාව සහ අනුරාධපුර රෝහල්වලට ඇතුළත් කර ඇති බවත් වාර්තා වේ.

මියගිය ශිෂ්‍යයාගේ මෘත ශරීරය අනුරාධපුර රෝහලේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් බස් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළාය.

තවද, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.

RELATED ARTICLES

Most Popular

Recent Comments