Saturday, January 17, 2026
Homeදේශීයපවුල් සෞඛ්‍ය සේවාවේ ගැටලු විසඳීමට විශේෂ තාක්ෂණික කමිටුවක්

පවුල් සෞඛ්‍ය සේවාවේ ගැටලු විසඳීමට විශේෂ තාක්ෂණික කමිටුවක්

පවුල් සෞඛ්‍ය සේවාවේ පවතින ගැටළු විසඳීම සඳහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත් කිරීමට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා තීරණය කර තිබේ.

මෙම කමිටුවෙන් ලැබෙන නිර්දේශ මත ගැටළු කඩිනමින් විසඳා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊයේ (10) පස්වරුවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගම නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව පැවසේ.

සාකච්ඡාවකදී පුහුණුව වසර 3ක් දක්වා දීර්ඝ කිරීම, සේවාව ස්වාධීන කිරීම, අතිකාල දීමනා සහ ගමන් වියදම් දීමනා වැනි කරුණු ගැනද විශේෂ අවධානයක් යොමු කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments