Thursday, November 13, 2025
Homeදේශීයමාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමිවෙයි

මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමිවෙයි

ගතවූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ මෝටර් රථ අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ.

පොලිස් වාර්තා අනුව මෙම අනතුරු තඹුත්තේගම, කහවත්ත, සිරිපුර, කොකාවැව සහ මාතර ප්‍රදේශවලදී සිදුවී ඇත.

තඹුත්තේගම ප්‍රදේශයේදී යතුරුපැදියක් බස් රථයකට ගැටීමෙන් 26 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති අතර, කහවත්තේදී බස් රථයකින් වැටී 68 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇත.

සිරිපුර ප්‍රදේශයේදී යතුරුපැදියක් එකිනෙකට ගැටීමෙන් 54 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති අතර, කොකාවැව ප්‍රදේශයේදී ගසක අත්තකට ගැටීමෙන් 69 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.

මේ අතර මාතර නාවිමන ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක හා යතුරුපැදියක් අතර ගැටීමකින් 82 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ, මෙම අනතුරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතින බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments