Thursday, November 13, 2025
Homeවිදේශීයඅමෙරිකානු යුධ නෞකා කැරිබියන් දූපතට පැමිණෙයි

අමෙරිකානු යුධ නෞකා කැරිබියන් දූපතට පැමිණෙයි

ලොව විශාලතම යුධ නෞකාව USS ජෙරල්ඩ් ආර් ෆෝඩ් වටා කේන්ද්‍රගත එක්සත් ජනපද නාවික බලකායක් කැරිබියන් දූපතට පැමිණ ඇති බව එක්සත් ජනපද නාවික හමුදාව තහවුරු කළා.

විදෙස් වාර්තා අනුව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන නෞකා පිළිබඳ ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුමක් සඳහා මෙම බලකාය කැරිබියන් දූපතට යවා තිබෙනවා.

එක්සත් ජනපදය මේ වනවිට කැරිබියන් සහ නැගෙනහිර පැසිෆික් කලාපයේ බෝට්ටු 19කට අධික ප්‍රහාර සිදුකර ඇති අතර, ඒ නිසා පුද්ගලයින් 76 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත්, කැරිබියන් මුහුදේ බෝට්ටු ප්‍රහාර නතර වන තුරු, ඇමරිකානු ආයතන සමඟ බුද්ධි තොරතුරු බෙදා ගැනීම අත්හිටුවන ලෙස කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ ඔවුන්ගේ ආරක්ෂක හමුදාවට නියෝග කර තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments