Saturday, January 17, 2026
Homeදේශීයඅං සහිත නව මී මැසි විශේෂයක් ඔස්ට්‍රේලියාවේ සොයා ගැනේ

අං සහිත නව මී මැසි විශේෂයක් ඔස්ට්‍රේලියාවේ සොයා ගැනේ

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් විසින් කුඩා අං සහිත නව දේශීය මී මැසි විශේෂයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම නව මී මැසි වර්ගයාට “ලුසිෆර්” ලෙස නම් කර ඇති අතර, එම නාමය ලතින් භාෂාවෙන් “ආලෝකය ගෙන එන්නා” යන අර්ථය දක්වයි.

විද්‍යාඥයින් පවසන්නේ, මෙම විශේෂයෙහි කැපී පෙනෙන අං ගැහැණු මී මැස්සන්ට පමණක් පවතින බවයි.

එසේම, මෙම නව විශේෂය වාසස්ථාන වෙනස්වීම් සහ දේශගුණික විපර්යාසයන් හේතුවෙන් වඳවීමේ තර්ජනයකට ලක් විය හැකි බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments