කිරින්ද ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දින හතක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝග කර ඇත.
සැකකරුවන් හත් දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මුහුදු මාර්ගයෙන් රැගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 329ක් සමඟය.
පොලිසිය පවසන්නේ, මෙම මත්ද්‍රව්‍ය ඩුබායිහි සිටින “රන් මල්ලි” ලෙස හඳුන්වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුට අයත් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

