Sunday, December 21, 2025
Homeදේශපාලනපා ම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමගි වනිතා බලවේගය අගමැති නිවස වටලයි (video)

පා ම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමගි වනිතා බලවේගය අගමැති නිවස වටලයි (video)

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ඇතුළු සමගි වනිතා බලවේගයේ පිරිසක් අද (22) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ.

විරෝධතාව හේතුවෙන් අදාළ ස්ථානයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති අතර එම නිවස අසල මාර්ගයේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව ද වාර්තාවේ.

එමෙන්ම අරගල භූමියේ සිටින පිරිස ද බැංකු මාවත අවහිර කරමින් විරෝධතාවයක නියැලේ.

කෙසේවෙතත් මේ වනවිට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තා සංවිධාන නියෝජිතයින් තස්ටන් විදුහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නියැලෙන බව අප වාර්තාකරු පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments